දයාවේ විශේෂිත ජුබිලි වර්ෂය යනු ...
2015-4-11 දින එනම් දේව දයාවේ මංගල දින වත්මන් ශුද්ධෝත්තම පියතුමන් විසින් නිල වශයෙන් මෙම වසරේ දෙසැම්බර් මස 08 වැනි දින විශේෂිත දේව දයාවේ වසර බව ප්‍රකාශයට පත් කරන ලදි. ජුබිලි වසරක් යනු ඉශ්රායෙල් ඉතිහාසයට අනුව දෙවියන් වහන්සේට විශේෂිත පුද පුජා කරමින් ගෞරවනීය පිළිවෙත් වලට ඉඩදෙන වකවානුවකි. මේ සියල්ල තුල ජුබිලි වසරේ කි‍්‍රයාත්මක වන කි‍්‍රයාකාරි පදනම මේ සියළු කාරණා හරහා තම ජිවිත ක්රමයේ සැබැ අවංක ජිවිත වෙනසක අපේඏාවයි. මෙම ජුබිලි වසරේ සාමාන්‍ය කි‍්‍රයා පිළිවෙතට ආවේණික ක්‍රමවේදය විශ්වීය සමාව දානය කිරිමයි. සිරකරුවනට නිදහස, වහලූන්ට මිදිම, ණය බරින් මිරිකෙන ජනතාව එයින් නිදහස් කිරිම, සානුකම්පිත ආදරයට නතුවිම ජුබිලි වසරක ප්‍රධාන තේමාවන්ය (ලෙවි 25/8-13. සාමාන්‍ය ජුබිලි වසරකදි සිදුකරන පිළිවෙත් වල සාරාංශණය මිනිස් හදවත් වෙනස් කිරිමකි.
ජුබිලි වසරේ කාල වකවානු ...
2015 දෙසැම්බර් 08 දේවමාතාවන්ගේ නිර්මල පිළිිසිද ගැනිමේ මංගල දින ජුබිලි වර්ෂය ආරම්භ වී, 2016-11-20- එනම් කි‍්‍රස්තු රජාණන්ගේ මංගල දිනදි අවසානයට පත්වේ. ජුබිලි වසර ආරම්භක දිනට විශේෂිත හේතුවක් ලෙසට ගෙනහැර දක්වන ප්‍රධාන කරුණ වනුයේ දෙවන වතිකානු මන්ත්‍රණ සභාව අවසාන කර පනස් වසරක් සපිරිමයි. මෙදින නිල වශයෙන් රෝමයේ ශාන්ත පිතර බැසිලිකාවේ ශු. ද්වාරය - දොරටුව විවෘත කිරිමට නියමියි. එය දේව ආදරය ගලාඑන බවට නිල සංකේතකරණයයි.
ශු. ද්වාරය යනු කුමක්ද?
ශු. ද්වාරය යනු දේව ආදරයේ උතුම් සංකේතයකි. එම ශු. ද්වාරය විවෘත කිරිම තුලින් මිනිස් හදට ආරාධනා කරන්නේ දුබල මිනිස්කම තුල දේව දයානුකම්පාව අත් දැක එය අන් අයගේ ජිවිත වෙතට ගෙන යාමයි. මුල් කිතුනු සභාව තුල බරපතල පාපයක් සිදුකල සැදැහැවතෙකු දීර්ඝ පශ්චත්තාපිය කාලයක් නියම කිරිමෙන් අනතුරුව දෙව් මැදුරෙන් පිටමං කරනු ලැබීය. එකි පශ්චත්තාපික කාලය තුල ජිවිත රටාව වෙනස් කරගත් කිතුණුවාව දෙව් මැදුරේ දොරටුවක් තුලින් දේව දයාවට නැවත බාර ගැනුනි. දයාවේ දොරටුව තුලින් ඇතුළු වී අපට ද ශුද්ධ වු සභාව ආරාධනා කරනුයේ අපගේ පාපයන්ට පසුතැවි ජිවිත නවතාවයක් තුල දේව දයානූකම්පාව අත්දකින ලෙසයි. එය සංකේතවත් කරමින් විශ්විය බවට දායක වෙමින් සෑම පදවියකම ආසන දෙව්මැදුරෙහි සහ වෙනත් සිද්ධස්ථාන වල ශු. දොරටු විවෘත කරයි. එයට සමගාමිව අප පදවිය තුල රත්නපුර ආසන දෙව්මැදුර, කුඩාගම නිර්මල ලූර්දු සිද්ධස්ථානය, තන්ජන්තැන්න ස්වර්ගාරෝපන දේවමාතාවන්ගේ දේවස්ථානය, යන දේව මන්දිරයන්හි ශු. ද්වාරයන් දෙසැම්බර් 08 සහ 13 වන දිනයන්හිදි විවෘත කෙරුනිි.මෙම ජුබිලි වසරේ ආදර්ශ පාඨය ...
`දෙවි පියාණන් මෙන් දයාබරිත වන්න`
මෙම ආදර්ශ පාඨයේ පදනම ලූක් 6/36 සුවිශේෂ පාඨයයි. දෙවි පියාණන්ගේ දයාවේ මුහුණත වන ජේසුස් වහන්සේ තුලින් අසීමිත දයාව කරුණාව අත්දකින අපද අන් අයට දයානුකම්පාව පෑ යුතු බව අපට මෙයින් පසක් කර දෙයි. මෙම ආදර්ශය වන්නේ ආදරයක් ලෙස ගොඩනගා අප ජිවත් වන සමාජීය පසුතලය තුල සානුකම්පිත හදවත් ගොඩනගා, අනුන් විනිශ්චය නොකර, අන් අය හෙලා නොදැක, කොන්දේසි විරහිත ආදරයකට යොමුවුනු සානුකම්පිත සහ දයාබර සමාව දානය කිරිමයි. ඒ තුල ආදරයේ හදවත් ගොඩනගා ගැනීමයි.නිල සංකේතය නිර්මාණය කරන ලද්දේ
නිල වශයෙන් නිර්මාණයට දායක වෙමින් නිල සංකේතකරණය පිළිියෙල කලේ මාකෝ අයි රුක්නිත් පියතුමන් විසින්ය. මෙම සංකේතකරණයේ පදනම මුල් සභාවට ආවේණික ලක්ෂනයකි. පාපයට වැටී දේව ජිවිතය අහිමිකර ගත් මිනිසා කර පින්නාගෙන යන දේව බැටන්දා එඬේරාණෝ සිය ජිවිතය කුරුසිය මත පුජා කරමින් මිනිස් සත වෙත ඇති දයාව සහ පේ‍්‍රමය නිසාම අප සැම ගැලවීම ප්‍රධාන කොටම මෙම නිල සංකේතයෙන් විදහා දැක්වේ. නේත්‍රයන් ති‍්‍රත්වයක් පමණක් දිස්වෙන මෙම නිල සංකේතයෙහි අර්ථය වන්නේ කි්රස්තුන් වහන්සේ සිය නිම් හිම් නැති පේ‍්‍රමය නිසාම මනුෂ්‍යත්වය සිය උරහිස් මතට `එනම් තමන් මතට` ගැනිම තුලින් ඔවුන් වහන්සේ වෙතට හැරී එන්නාවු සියල්ලන්ගේ දුබල බව නසා ජිවිත වෙනසකට එනම් දේව පුත්‍රභාවයට පරිවර්ථනය කරන බවයි. ක්‍රමානුකුලව ගැඹුරු වර්ණයක සිට සැහැල්ලූ වර්ණයට වෙනස් වන වක්රාකාර වෘත්තයන්ගෙන් අර්ථ ගැන්වෙනුයේ කි‍්‍රස්තු එඬේරාණන්ගේ කරපිටින් පාපයේ අදුරෙන් ආලෝකයට ගමන් කිරිමයි. සමාව ලබා ගනිමින් දයාව පාමින් කි‍්‍රස්තු ආලෝකය වෙතට ගමන් කරන්නට දයාවේ වසර තුල ශාන්ත සභා මාතාව අප සැමට ඇරයුම් කරන්නීය.
දයාවේ වසර තුල ශුද්ධ වූ සභාවේ අපේක්ෂිත ප්‍රධාන ධර්මදාන
ශාරීරික පුණ්‍ය ක්රියාආත්මික පුණ්‍ය ක්‍රියා
ශාරීරික පුණ්‍ය ක්‍රියා
සමාජයේ කොන්වූවන්, පිළිගැනීමට ලක් නොවූවන් වෙතට සභාවේ අවධානය යොමු කරමින් දේව දයාව ඔවුන් වෙතට ලගා කරමින් සානුකම්පිත ආදරය ඔවුන් නිතර අත්දකින මරණයට ප්‍රති පිළිතුරක් වන්නට,
කුසගිනි වූවන්ට ආහාර සැපයීමපිපාසා වූවන්ට ජලයවස්ත්ර නොමැති වූවන්ට වස්ත්රආගන්තුක සත්කාරයරෝගීන්ට සුවයහිරගෙවල් බැහැ දැකීම මළවුන් වැළලීම, ලෙස නම් කල හැකිය.
ආත්මික පුණ්‍ය ක්‍රියාවන්
සමගි සන්ධානයේ ප්‍රසාධ නිධානය තුලින් දේව සමාව ලබා ගනිමින් දෙවි පියාණන් වහන්සේගේ නිමක් නොවන කරුණාව අත් දකින්නට මෙම දයාවේ වසර තුල උත්සුක වෙමු. ඒ සමගම පශ්චත්තාපයේ, කරුණාවේ ජීවිතයක් යාච්ඤාව තුල ගෙවන්නට අදිටන් කර ගනිමු. පහත සදහන් ආත්මික පුණ්‍ය කි‍්‍රයාවන්හි නිරත වන්නට අදිටන් කර ගනිමු
අවවාද දීම.උපදෙස් දීම.පව්කරුවන්ට නිවැරදි මග පෙන්විම. (පුජක, පැවිදි සහ එයට හැකියාවක් ඇති අය පමණක් කල යුතු වේ.)
අස්වසාලීම.සමාව දීම.ජීවතුන් සහ මළවුන් වෙනුවෙන් යාච්ඤා කිරිම.
දයාවේ වසර තුල පරිපුර්ණඵල ලබා ගැනීම
පරිපුර්ණඵල වනාහී, ශුද්ධ වු සභාව තමන් වෙත පැවරි ඇතිි වරප්‍රසාද සම්භාරය ප්‍රයෝජනයට ගෙන සමාව ලත් පාපයන් උදෙසා ගෙවිය යුතු කාලීන දක්ෂුවමින් මුන්දාමනින්ම මුදා හැරිමයි. පරිපුර්ණ ඵල මගින් පව් කමා නොකෙරේ. එහෙත් ඒවාට නියමිත තාවකාලික දඩුවමින් මුන්දාමනින් මුදනු ලැෙබි. කි්රස්තුන් වහන්සේ දිනා දුන් ගැලවීමේ ඵල බෙදා හැරිම, මිහිපිට තමන් වහන්සේ නියෝජනය කරන ශුද්ධ වු සභාව වෙත පවරා දී ඇත. එබැවින් විශේෂිත ජුබිලි වසරක් ප්‍රකාශයට පත් කිරිමේ දි මෙකී පරිපුර්ණ ඵල සුදතුම් පියාණෝ සැදැහැවතුන්ට දානය කරන්නාහ. මෙම දයාවේ වසර තුල පරිපුර්ණඵල ලබා ගත හැකි වන්නේ මෙලෙසිනි
පාපොච්චාරණය සක්‍රමේන්තුව ලබා ගැනීම
දිව්‍ය පුජාවට සහභාගි වී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීම
දයාවේ දොරටුව තුලින් ඇතු වී, ශුද්ධෝත්තම පියතුමන්ගේ අදහස් උදෙසා ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, නමෝ මරියනි සහ පිතා පුත්‍රයා ස්පී්රතු සාන්තු නම්... යන යැදුම් උච්චාරණය කිරිම.
දයාවේ වසර වෙනුවෙන් ප්‍රැන්සිස් සුදතුම් පියාගේ යැදුම
ජේසුස් කි‍්‍රස්තුස් ස්වාමිනි, පියාණන් වහන්සේ මෙන් දයානුකම්පා වන්නැයි අපට උගන්වා වදාළ ඔබවහන්සේ, ඔබවහන්සේව දකින්නා පියාණන් වහන්සේව දකින බව ප්‍රකාශ කල සේක. ඔබවහන්සේගේ මුහුණ අපට පෙන්වා වදාළ මැනව. එවිට අපි ගැලවිම ලබන්නෙමු.
ඔබවහන්සේ, අදෘෂ්‍යමාන පියාණන් වහන්සේගේ, සියල්ලට වඩා කමාදානයෙන් සහ දයානුකම්පාවෙන් තමන් වහන්සේගේ බලය විදහාපාන දෙවියන් වහන්සේගේ දෘෂ්‍යමාන මුහුණ වන සේක. නොදැනුවත් සහ වැරදි කලවුන් කෙරෙහි කරුනාවන්ත විම පිණිස ඔබවහන්සේගේ සේවකයින් ද දුර්වලකමින් යුක්ත විම ඔබවහන්සේගේ අභිප්‍රාය විය. ඔවුන් කරා එන සෑම කෙනෙක්ම, දෙවියන් වහන්සේ තමන්ව පිලිගන්නා බවත්, සමාව දෙන බවත්, දැන ගැනිමට සැලැස්සුව මැනව.
ඔබවහන්සේගේ ආත්මයාණන් අප වෙත එවා, උන්වහන්සේගේ ආලේපයෙන් අප අභිෂේක කල මැනව. එවිට දයානුකම්පාවේ ජුබිලිය ස්වාමින් වහන්සේ වෙතින් පැමිණෙන වරප්‍රසාදයේ වසරක් වනු ඇත. ඔබවහන්සේගේ සභාව නැවුම් උද්යෝගයෙන් අභිෂේක කල මැනව. එවිට දුගින්ට සුබ අස්න ගෙන එන්නට ද සරණාගත වුවන්ට සහ පිඩිතයින්ට නිදහස ප්‍රකාශ කිරිමට ද අන්ධයින් පෙනිම ලබා දිමට ද ඇයට හැකි වන්නේය.
මේ කී දේ දයානුකම්පාවේ මෑණියන් වන මරියාවන්ගේ මැදහත් කමින් සහ පියාණන් වහන්සේ හා ශුද්දාත්මයාණන් වහන්සේ හා සමග සදාකාලයටම ජිවත්වන්නා වුද , රජකම් කරන්නා වුද, ඔබවහන්සේ මගින් අපට ලැෙබිවා. ආමෙන්.
April 20, 2024
April 21, 2024
Priestly Ordination Anniversary of Fr. Francis, OCD
April 23, 2024
Program for the Daham Pasal Teachers at Yatiantota
April 23, 2024
Diocesan Youth Sports' Meet
April 23, 2024
St. Mary's Church, Kegalle
April 24, 2024
Birthday of Fr. Sherwin
April 26, 2024
Patronal Feast of Our Lordship
April 28, 2024
Bible Competition for Parish Level
April 28, 2024
Daham Pasal Visiting at Embilipitiya
April 29, 2024
Priestly Ordination Anniversary of Fr. Samantha, SSS
May 1, 2024
Birthday of Fr. Niroshan Vaz
May 5, 2024
Birthday of Fr. John Dominic, SSS
May 5, 2024
Daham Pasal Visiting to Hapurugala
May 6, 2024
Priestly Ordination Anniversary of Fr. Shane
May 7, 2024
Priestly Ordination Anniversary of Fr. Anthonymuthu OMI
May 8, 2024
Birthday of Fr, Nicholas
May 9, 2024
Priestly Ordination Anniversary of Fr. Joy
May 10, 2024
Priestly Ordination Anniversary of Fr. Sanjeewa
May 10, 2024
The death Anniversary of Fr. Boni Bastian, OMI
May 11, 2024
Day of Rosary for youth
May 12, 2024
Birthday of Fr, Greshan
May 12, 2024
Visiting of the Daham Pasal at Mahena
May 12, 2024
World Communication Day
May 13, 2024
Birthday of Fr. Sanjeewa
May 16, 2024
Priestly Ordination Anniversary of Fr. Anthony Regan, OCD
May 17, 2024
Birthday of Fr. Ayal Indika