සබරගමුව පළාත් කතෝලික සභාව (රත්නපුර පදවිය ශ‍්‍රී ලංකාව)

රත්නපුර පදවි කතෝලික සභාව මුළු සබරගමු පළාතම ආවරණය කරයි. මෙම පළාත ප‍්‍රධාන වශයෙන් දිස්ත‍්‍රික්ක දෙකකින් සමන්විත වේ. එනම් රත්නපුර දිස්ත‍්‍රික්කය හා කෑගල්ල දිස්ත‍්‍රික්කයයි.,සබරමුව,යනනමසෑදී ඇත්තේ අතීතයේ සබරුන් හෙවත් ආදිවාසී ජන කොට්ඨාසයක් එම ප‍්‍රදේශයේ ජීවත් වී සිටිනිසා බව පුරාවෘත්යන්හි සඳහන්වේ. මෙම පළාතේ ප‍්‍රධාන නගරය වන්නේ රත්නපුර නගරයයි. රත්නපුර යන නාමය සෑදී ඇත්තේ රුවන් පුර හෙවත් මැණික්පුර යන්නෙන් බිදී යාමෙනි, මන්දයත් මෙහි ප‍්‍රධාන කර්මාන්තය වන්නේ මැණික් ව්‍යාපාරය නිසාවෙනි. තවද සංචාරකයන්ගේ නෙත් සිත් පිනවන ස්ථාන රාශියක් මෙහි දක්නට ලැබේ. ඒවා නම් සිංහරාජ වැසි වනාන්තරය, උඩවළවේ, ඇත් අතුරු සෙවන , බෝපත්ඇල්ල, කිතුල්ගල සහ ෙඓතිහාසික වැදගත්කමක් දරන පූජනීය ස්ථානයක් ලෙස ප‍්‍රසිද්ධ ශ‍්‍රීපාද අඩවියද ඒ අතර ප‍්‍රධාන වේ.

රත්නපුර පදවිය නව පදවියක් ලෙස ස්ථාපනයවූ පසු එය කැපකර ඇත්තේ මරියතුමියගේ නිර්මල හෘදයටයි. රත්නපුර පදවි ආසන දෙව්මැ`දුර ශුද්ධවූ පේදුරු හා පාවුළු අපෝස්තුල්වරු දෙදෙනාට කැපකර ඇති අතර පදවියේ ආසන දෙව්මැ`දුර ශුද්ධවූ ජුසේ වාස් මුනිිතුමා බැහැ දුටු ස්ථානයක ගොඩනැගීම තවත් සුවිශේෂීවූ කරුණකි.

රත්නපුර කතෝලික බැතිතුමන්ගේ ෙඓතිහාසික පසුබිම

රත්නපුර ප‍්‍රදේශයේ කතෝලික බැතිතුමන්ගේ සම්භවය 17 වන ශත වර්ෂය දක්වා දිවයයි, එනම් පෘතුගීසි පාලන සමයේදී එකල ඉතා සීමිත කතෝලිකයන් පිරිසක් එමප‍්‍රදේශයේ සිටිි බවට ෙඓතිහාසික තොරතුරුවලින් තහවුරුවේ. එලෙසම බොහෝ දෙනෙකු පෘතුගීසින්ගෙන් පැවත එන පිරිස වේ.

පදවියේ ඉතිහාසය

අති උතුම් ෂෂ ජුවාම් පාවුළු ශුද්ධෝත්තම පියතුමන් විසින් රත්නපුර පදවිය නව පදවියක් ලෙස ගාල්ල පදවියෙන් වෙන් කොට වෙනම පදවියක් ලෙස 1995 නොවැම්බර්මස 02 වන දින ස්ථාපනය කරන ලද අතර එහි ප‍්‍රථම රදගුරු හිමිපාණන් ලෙස 1996 ජනවාරි 5 වන දින අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් එහි ප‍්‍රථම රදගුරු හිමිපාණන් ලෙස රදගුරු නිලයේ වගකීීම භාර ගන්නා ලදී.

1996 සිට 2001 ඔක්තෝබර් මස 01 වන දින දක්වා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් එහි සේවය කළ අතර විශේෂ ¥ත මෙහෙවරක් එනම් ශුද්ධාසනීය විශ්වාස ප‍්‍රවර්ධන ¥ත සේවාවෙහි ලේකම් තනතුරට උසස් කරන ලද අතර එම වගකීමේ නියැලීමට රෝමයේව තිකාන නගරයට ස්ථාන මාරුවීමක් ලැබීය. ඉන් අනතුරුව අවුරුද්දක් හා මාස 5 ක් වන තුරු රදගුරු නිලය හිස්ව පැවතිණි. අති උතුම් මොන්සිඤ්ඤෝ රූබන් මහාහිමිපාණන් විසින් එමකාලය තුළදී පදවි පරිපාලක ලෙෂ වැඩබලන ලදී.

අති උතුම් ෂෂ ජුවාම් පාවුළු ශුද්ධෝතම පියතුමන් විසින් කොළඹ පදවියේ පියතුමකු වන ගරු හැරල්ඞ් ඇන්තනී පෙරේරා පියතුමාව එහි දෙවන රදගුරු හිමිපාණන් ලෙස 2003 ජනවාරි 29 වන දින දී පත් කරන ලදී. 2003 මාර්තු මස 18 වන දින අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් කොටහේන ශාන්ත ලූසියා ආසන දෙව්මැ`දුරේදී එතුමාට රදගුරු අභිෂේකය දානයකරන ලදී. එම වසරේදීම මාර්තු මස 22 වන දින ශුද්ධවූ පේදුරු හා පාවුළු ආසන දෙව්මැ`දුරේදී උන්වහන්සේ රත්නපුර පදවියේ රදගුරු ධූරයේ වගකීීම භාර ගන්නා ලදී. අති උතුම් හැරල්ඞ් ඇන්තනී හිමිපාණන් වහන්සේ 2005 මාර්තු 18 වන දින ගාල්ල පදවියේ රදගුරු හිමිපාණන් ලෙෂ පත්වීම භාර ගැනීමත් සමගම වසරක කාලයක්් රදගුරු නිලය හිස්ව පැවති අතර එම වසරක කාලය තුළදී පදවි පරිපාලක ලෙස වැඩබලන ලද්දේ ගරු ඬේමියන් ප‍්‍රනාන්්දු පියතුමා විසිනි.

16 වන බෙනඩික්් ශුද්දෝත්තම පියතුමන් විසින් නුවර පදවියේ පියතුමකු වන ගරු අයිවන් තිලක් ජයසුන්දර පියතුමාව රත්නපුර පදවියේ රදගුරු හිමිපාණන් ලෙස 2006 ජනවාරි 26 වන දින පත්කරන ලදී. රදගුරු අභිෂේකය ලැබීමට පෙර එතුමා 2006 ජූලි 06 වන දින රදගුරු නිලයෙන් ඉල්ලා අස්විය. එබැවින් ගරු අයිවන් තිගක් ජයසුන්දර පියතුමා රැුදී සිටියේ පදවියට තේරී පත්වූ රදගුරුවරයෙකු ලෙස පමණි. එම හේතුව නිසා පදවිය තුළ නැවතත් රදගුරු නිලය හිස්ව පැවතිණ. මෙම කාලය තුළ ගාලූ පදවි තැන්පත් අති උතුම් හැරල්ඞ් ඇන්තනි හිමිපාණන් අපෝ්ස්තලික පරිපාලක ලෙස පදවියේ වැඩබලන ලදී.

16 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමා විසින් බෙනදිකාන නිකායික ගරු ක්ලීටස් චන්ද්‍රසිරි පියතුමාව රත්නපුර පදවියේ තෙවන රදගුරු හිමිපාණන් ලෙස 2007 මැයි 04 වන දින පත් කරන ලදී. එම වර්ෂයේම ජූලි මස 11 වන දින නුවර පදවි රදගුරු තැන්පත් අති උතුම් වියානි ප‍්‍රනාන්දු රදගරු හිමිපාණන් අතින් රෝමයේ අපෝස්තුළුවරු දොළොස් දෙනාගේ බැසියාලිකාවේ දී රදගුරු අභිෂේකය එතුමා ලබා ගන්නා ලදී. 2007 ජූලි 28 වන දින රත්නපුර ශුද්ධ වූ පේදුරු පාවුල් ආසන දෙව් මැදුරේදී රදගුරු ධූරයේ වගකීම භාර ගන්නා ලදී.

පදවියේ සුවිශේෂී තොරතුරු

පදවියක් ලෙස ස්ථාපනය 1995 නොවැම්බර් 02 අති උතුම් සස වන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසිනි
ප‍්‍රථම රදගුරු හිමිපාණන් පදවි කතෝලික ජනගහනය අති උතුම් මැල්කම්රංජිත්හිමිපාණන්
පදවිය කැපකිරීම මරිය තුමියාගේ නිර්මල හෘදයට
පදවි ආසන දෙව්මැදුර ශුද්ධවූ පේදුරු පාවුළු ආසන දෙව්මැදුර, රත්නපුර
පදවි කණිටු දෙව්සත්හල මරිය තුමියගේ නිර්මල හෘදයේ දෙව්සත්හල, කෑගල්ල
පදවි රදගුරු නිල නිවස මාදොල, අවිස්සාවේල්ල
පදවියේ මීසම් සංඛ්‍යාව 24 කි
පදවියේ පැවිදි නිවාස සංඛ්‍යාව පිරිමි 15 යි
ගැහැණු 15 යි
පදවියේ භාවිතා කරන භාෂාවන් සිංහල සහ ද්‍රවිඩ

පදවි වපසරිය

පදවි වපසරිය වර්ග කිලෝමීටර 4948.2 ක ප‍්‍රදේශයක් පුරා පැතිර ඇත. එයට රත්නපුර හා කෑගල්ල යන දිස්ත‍්‍රික්ක දෙක ඇතුළත් වේ. එනම් මුළු සබරගමු පළාතමය. රත්නපුර පදවිය උතුරින් කුරුණෑගල පදවියට ද, නැගෙනහිරින් බදුල්ල පදවියට ද, බස්නාහිරින් කොළඹ පදවියට ද, දකුණින් ගාල්ල පදවියට ද යාබදව පිහිටා ඇත.

දේශගුණික තත්වය

ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපය ලෙස හැඳින්වෙන නිරිත දිග ප‍්‍රදේශයේ රත්නපුර පදවිය පිහිටා ඇත. මෙමප‍්‍රදේශයටප‍්‍රධානවශයෙන්වැසි ලැබෙන්නේනිරිත දිග මෝසම්සමයවනමැයිමාසයේසිටසැප්තැම්බර්මාසවලදීය. මෙහිසාමාන්‍යඋෂ්ණත්වය 24 0ක්‍ ක් වනඅතරඑහි ඉහළආර්ද්‍රතාමට්ටමක් ඇත.

ආර්ථිකය

මෙම ප‍්‍රදේශයේ බොහෝ පිරිසක් කෘෂි ආර්ථිකය පදනම් කරගත් කර්මාන්තවල නියැලෙති. එනම් , තේ , රබර්, කෝකෝවා යන කෘෂි අපනයන බෝග වගාවන්ය. තේ හා රබර් වගාවන් බහුල වශයෙන් මෙම ප‍්‍රදේශය පුරා දැකිය හැකි අතර මෙම ප‍්‍රදේශයේ වැවෙන තේ පහත රට තේ ලෙසද හඳුන්වයි. එලෙස මෙම ප‍්‍රදේශයේ විශේෂයෙන් ම රත්නපුර දිස්ත‍්‍රික්කයේ බොහෝමයක් දෙනා පතල් හා මැණික් කර්මාන්තයේ යෙදෙති. මෙම ප‍්‍රදේශයේ රුබි සහ නිල් කැට යන මැණික් සඳහා ප‍්‍රසිද්ධියක් උසුලයි.

ජනගහනය වර්ෂ 2012 ජන සංගණනයට අනුව

සබරගමුව පළාතේ මුළු ජන ගහනය 1928655 කි. රත්නපුර හා කෑගල්ල දිස්ත‍්‍රික්ක දෙකේම ජනගහනය වෙන් වෙන්ලෙස මෙසේ දැකිවිය හැකිය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ජනගහනය - 1088007

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ජනගහනය - 840648

එම ජනගහනයේ වැඩි දෙනෙකු සිංහල භාෂාව ව්‍යවහාර කරන අතර ප‍්‍රතිශතයක් වශයෙන් 86.3% කි. ශ‍්‍රී ලංකා ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව 2.3 % කි. ඉන්දීය ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාව 6.9 කි. මෙයින් බහුතරයක් ජනතාව බෞද්ධ වන අතර එය ප‍්‍රතිශතයක් ලෙස 85.7% ක් වේග අනෙක් ජනයා ඉස්ලාම් හා හින්දු කතෝලිකයෝය. හින්දු - 8.1% ඉස්ලාම් - 4.4% කතෝලික - 1.7

සමස්තයක් ලෙස ගත් කළ රත්නපුර පදවිය සර්ව ආගමික සහජීවනයේ ප‍්‍රදිපයකි. එය ක‍්‍රිස්තුත් වහන්සේගේ පේ‍්‍රමයේ සහ කිතුණු වටිනාකම් ඵල දරන මහා වෘක්ෂයක් සේ සදාතනික වටිනාකමකින් යුතුව මහඟු ජාතික ආගමික මෙහෙවරක නියැලේ.




Bishop Cletus Chandrasiri

Bishop Cletus Chandrasiri Perera O.S.B.




May 21, 2024

Priestly Ordination Anniversary of Frs. Reginald and Sampath


May 21, 2024

Death Anniversary of Fr. Nevil Janze


May 23, 2024

Pre-Cana classes will be held at Ss. Peter and Paul's Cathedral, Ratnapura.


May 23, 2024

National Youth gathering till 25th of May


May 24, 2024

National Program for the Tamil Medium Daham Pasal teachers till 26th May


May 28, 2024

Priestly Ordination Anniversary of Fr. Consolas


June 1, 2024

Priestly Ordination Anniversary of Fr. Umesh


June 1, 2024

Episcopal Ordination of Msgr. Anton Wyman Cross will be held at St. Joseph Vaz Chapel, Bishop's House, Madolla, Awiisawela on 9. 30 am


June 2, 2024

Birthday of Fr. Sergius


June 21, 2024

St. Mary's Church, Kegalle


June 24, 2024

Birthday of Fr. Anthonymuththu, OMI


June 26, 2024

Birthday of Fr. Paul


June 30, 2024

Birthday of Fr. Shane


July 3, 2024

Birthday of Fr. Srilal


July 20, 2024

Pre-Cana classes will be held at Ss. Peter and Paul's Cathedral, Ratnapura.


July 21, 2024

Birthday of Fr. Sidath


August 1, 2024

Birthday of Fr. Jeewantha


August 4, 2024

Birthday of Fr. Lionel


August 6, 2024

Birthday of Bishop Emeritus Rt. Rev. Dr. Cletus C. Perera, OSB


August 10, 2024

Birthday of Fr. Anushka


August 19, 2024

St. Mary's Church, Kegalle


September 17, 2024

Pre-Cana classes will be held at Ss. Peter and Paul's Cathedral, Ratnapura.


October 17, 2024

St. Mary's Church, Kegalle


November 15, 2024

Pre-Cana classes will be held at Ss. Peter and Paul's Cathedral, Ratnapura.


December 14, 2024

St. Mary's Church, Kegalle